Gossips

වසර 13ක් වේග පන්දුවෙන් ක්‍රිකට් පිටිය හෙල්ලූ පන්දු යවන්නා ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක ආර්.පී. සිං ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරනවා.
ඔහුගේ සමුගැනීම සිය පෞද්ගලික ට්ව්ටර් ගිණුම හරහා ඊයේ (04) ප්‍රකාශයට පත්කර තිබුණා.
ආර්.පී. සිං 2005 වසරේ සැප්තැම්බර් 04 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකරගත්තා.
වසර 13ක් තුල ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 14ක් එක්දින තරඟ 58ක් සහ පන්දුවාර 20 තරඟ 10ක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර තිබෙනවා.
එහිදී ඔහු බිඳ දමා තිබෙන සමස්ථ කඩුලු සංඛ්‍යාව 124ක්.
2011 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ආර්.පී. සිංට ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් හිමි වුයේ නැහැ.