Gossips

විවාහය ඔන්න මෙන්න තිබියදී මතුගම තරුණයාට සහ වාරියපොළ තරුණියට සිදුවූ දේ

විවාහය ඔන්න මෙන්න තිබියදී මතුගම තරුණයාට සහ වාරියපොළ තරුණියට සිදුවූ දේ "
මතුගම තරුණයෙක් අතුරුදන් – වාරියපොල තරුණියක් පැහැරගනී
හෙට දිනයේ විවාහවීමට නියමිතව සිටි මතුගම – ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන්වීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.
පසුගිය ඉරිදා සිය විවාහයට අවශ්‍ය කළමනා රැගෙන ඒම සඳහා ඔහු පිටකොටුවට පැමිණ ඇති අතර, ඒ අතරතුර මෙම අතුරුදන්වීම සිදුවී ඇති බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ.
30 හැවිරිදි මෙම පුද්ගලයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඥාතීන් මතුගම පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.
මේ අතර වාරියපොල – වේරපොල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට ඇගේ ඥාතීන් චෝදනා කරනවා.
19 හැවිරිදි තරුණිය ඊයේ පස්වරුවේ මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇති බවයි ඔවුන් කියා සිටියේ.
එසේම මෙම තරුණිය ලබන මස 4 වනදා විවාහවීමට නියමිතව සිටි තැනැත්තියක බවද සඳහන්.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවයි වාරියපොල පොලීසියේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.