Gossips

06කට මරු කැදවමින් ජේබි තවත් දරුණු වෙයි

වසර 25කින් ජපානයට හමා ආ ප්‍රබලතම සුළි සුළඟ වන ජේබි හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 160 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එරට රජය ජනතාවගෙන් ඉල්ලා සිටියේ සුළි සුළඟ හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසටයි.
පැයට කිලෝමීටර් 216ක වේගයකින් ඊයේ (04) ජපානයේ ෂිකෝකු දිවයිනට ඇතුළු වූ සුළි සුළඟින් ඔසාකා, කියෝතෝ සහ කෝබේ නගරවලට තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
ඒ හේතුවෙන් ගුවන් වාර 600 ක් පමණ අවලංගු කිරීමටද සිදුවුණා.
එමෙන්ම සුළි සුළඟ හේතුවෙන් බලපෑම් එල්ලවූ ප්‍රදේශවල පාසල් සහ කර්මාන්තශාලා සියල්ල වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තා.