Gossips

උතුරේ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමේ වර්ධනයක් – උතුරු පළාත් ආණ්ඩුකාර

උතුරු පළාතේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.
කෙසේවෙතත් එම තත්වය වළක්වා ගැනීමට දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් හැකියාවක් පවතින බවයි ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.
යාපනය දිස්ත්‍රික්කයේ ආගමික සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම සමාජ සේවා සංවිධාන නියෝජිතයන් සමග පැවති හමුවකදී ඔහු මෙම අදහස් පළකළා.
සමාජයේ පවතින තරගකාරී ජීවන රටාව හේතුවෙන් දෙමව්පියන් කාර්ය බහුල වීම හමුවේ දරුවන් පිළිබඳ සොයා බැලීමට අවස්ථාවක් නොලැබෙන බව ආණ්ඩුකාරවරයා පෙන්වා දෙනවා.
දෙමව්පියන්ගේ මූලික අරමුණ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වුව ද අධ්‍යාපනයෙන් පමණක් හැදියාව සහ සමාජශීලී දරුවන් බිහිකිරීමට නොහැකි බවයි ඔහු කියාසිටියේ.
සෑම ස්ථානයකම ආගමික සිද්ධස්ථාන ගොඩනැගීමෙන් දරුවන්ගේ සචාචාරය සහ විනය ඇති කිරීමට නොහැකි අතර ඊට අවශ්‍ය නිවැරදි උපදේශණය බව රෙජිනෝල්ඩ් කුරේ මහතා පෙන්වා දෙනවා.
එම උපදේශණය ලබාදීමට හැකි හොඳම ස්ථානය පාසැල සහ කෝවිල බවයි ඔහු සඳහන් කළේ.