Gossips

ජනබලය කොළඹට විරෝධතාව ගැන විශේෂ රැස්වීමක් හිටපු ජනපති නිල නිවසේ

කොළඹ දී හෙට පැවැත්වීමට නියමිත ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවත්වෙනවා.
ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් ව සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ජාවට එක්ව සිටිනවා.
විරෝධතාව පැවත්වෙන ස්ථානය සහ එහි වැඩසටහන ගැන මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති.
එසේම අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදීද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡාවක නිරතවී තිබුණා.