Gossips

සංගා, අවසන් තීන්දුව ගැන කියයි

නිවැරදි දේශපාලන දැක්මක්, අවබෝධයක් ඇති පුද්ගලයෙකුට, කණ්ඩායමකට හෝ ආණ්ඩුවකට ශ්‍රී ලංකාව නව මාර්ගයකට ගෙන යාමේ හැකියාවක් පවතින බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ බී.බී.සී. සිංහල සේවය සමග වත්මන් දේශපාලන තත්ත්වය පිලිබද සංවාදයකට එක්වෙමින්.
දේශපාලනය, දේශපාලනඥයින් විවේචනය කිරීම තුළ යහපත් පුද්ගලයින් එම ක්‍ෂේත්‍රයට පිවිසීම යම් ආකාරයකට සිදු නොවනු ඇති බවට ඔහු එහිදී ප්‍රකාශ කළා.
පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන ඉම්රාන් ඛාන් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමග 2020 ජනාධිපතිවරණය සදහා කුමාර් සංගක්කාර ඉදිරිපත් විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල තුල ගෙන ගිය ප්‍රචාරයන් සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ තමන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් පලවන ප්‍රචාරවලට කාලයක ලබාදී දේශපාලනයට නොපැමිණෙන බවට සිය ස්ථාවරය සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළ බවයි.
ඒ සම්බන්ධයෙන් දේශපාලනඥයින්ද තමන්ගෙන් විමසූ බවද සංගක්කාර ප්‍රකාශ කළා.
අද හෝ හෙට හෝ අනාගතයේදී දේශපාලනයට පිවිසීමට තමන්ගේ කිසිදු අදහසක් නොමැති බවයි කුමාර් සංගක්කාර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.