Gossips

ලංගම වර්ජනය අවසන්

වැටුප් ගැටළුවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පළාත් කිහිපයක ක්‍රියාත්මක වූ ශ්‍රී ලංගම වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.
ඒ, අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එහිදී අමාත්‍යවරයා වෘත්තිය සමිති ඉදිරිපත් කළ ඉල්ලීමක් වන 2006 අංක 30 දරණ කළමනාකරණ චක්‍රලේඛය අනුව ශ්‍රී ලංගම වැටුප් ව්‍යුහය ඔක්තෝම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇති බවයි වාර්තාවන්නේ.