Gossips

පොලීසියේ ඉල්ලීම් 3ක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට පවත්වන විරෝධතාවට අදාළ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දන්වා තිබුණේ මෙම විරෝධතාව අතරතුර කොළඹ මළලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස වැටලීමේ ප්‍රයත්නයක් ඇති බවට බුද්ධි අංශ තොරතුරු ලැබී ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇතුලූ 11 දෙනෙකු එම ක්‍රියාවට සම්බන්ධ බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් එය වළක්වන ලෙස දන්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට අදාළව නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැලිකඩ පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක්ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට අදාළව නියෝගයක් ඉල්ලා කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීමක් ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.