Gossips

වයඹ සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණවේදී පිඨයේ සිසුන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.
ඒ, නව වෛද්‍ය ආඥා පනතට පෝෂණවේදී විෂය ඇතුළත් කිරීමට විරෝධය පළ කරමින්.
එමගින් පෝෂණවේදී විෂය වෛද්‍යවරුන්ට පමණක් සීමා වන බවට ඔවුන් චෝදනා කරනවා.
අද පෙරවරුවේ මොවුන් විහාරමහාදේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පාගමනින් පැමිණියේ අත් පත්‍රිකා ද බෙදමින්.