Gossips

බෝම්බයක් පිපිරීමෙන් මුලතිව් ප්‍රදේශයේ තරුණයෙකු මරුට

මුලතිව් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි අයෙකු බෝම්බයක් පිපිරීමෙන් මියගොස් තිබෙනවා.
තවත් අයෙක් බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත ජාත්‍යන්තර සංවිධානයකට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු අනතුරට ලක්ව ඇති බවයි.
මියගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.
මුලතිව් – මල්ලාවි මාර්ගයේ තේක්ක වත්ත ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් සිටියදී හමුවූ බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යාමේදී එය පුපුරාගොස් අනතුර සිදුව ඇතැයි සඳහන්.
සිද්ධිය පිළිබඳ මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.