Politics Sri Lanka

මට ඉවත් වෙන්න කිසිම හේතුවක් නෑ-අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මට ඉවත් වෙන්න කිසිම හේතුවක් නෑ-අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ව්‍යවස්ථානුකූලව තමා තවදුරටත් ධූරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. අගමැතිවරයා එසේ පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (16) පැවති හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. පවතින නීතිරීතිවලට අනුව අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් ඇතැයි තමා නොසිතන බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැති අතර ඉදිරියටත් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. 2015 ජනවාරි මාසයේ ලබා දුන් ඇතැම් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වු බවත් ඒ තුළින් ඡන්ද දායකයින් අනතුරු අඟවා ඇති බව ද අගමැතිවරයා පැවසීය.