Gossips

ඉන්දියාවේ මෝසම් ගං වතුර මරණ 1400 ඉක්මවයි

මෙවර මෝසම් වැසි සමය තුළ කේරළය ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත රැසක සිදුවූ ජල ගැලීම් සහ නාය යාම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 1400 ඉක්මවා තිබෙනවා.
ඉන් 488 දෙනෙකුම කේරළවාසීන්.
ඊට අමතරව ඔඩීෂා, මහාරාෂ්ට්‍ර, ඇසෑම්, උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාල, උත්තරකාන්ද්, කර්ණාටක සහ ගුජරාට් ප්‍රාන්තවලට ද ගං වතුර බලපෑම් ඇති වුණා.
මෙවර මෝසම් වැසි ආපදා හේතුවෙන් ඉන්දියානුවන් දාහතර ලක්ෂ 50,000ක් අවතැන් වූ අතර, දකුණු ඉන්දියාවේ පමණක් හෙක්ටයාර 57,000ක ගොවි බිම් විනාශ වුණා.