Gossips

සුපිරි පාපන්දු තරුව ඉස්සරහට එක්වරම පැනලා වෙට්ටුවක් දාපු පුංචි පුතුට ලැබුණු නොසිතූ තෑග්ග

ලොවම හඳුනන සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් හමුවෙන්න පසුගියදා ආපු පුංචි අමුත්තෙක් ගැන මේ වෙනකොට ලෝකෙම අවධානය යොමුවෙලා.
මෙහෙම එන්නේ බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් හමුවෙන්නේ පුංචි දරුවෙක්.
බ්‍රසීලයේ විවෘත පාපන්දු තරඟාවලියක් අතරතුර තමයි මේ පුංචි දරුවා ප්‍රේක්ෂකාගාරේ ඉඳලා එක්වරම පැනල ක්‍රීඩාංගණය ඇතුලට එන්නේ.
එහිදී දරුවා වඩාගන්නා මේ සුපිරි තරුව මඳ වෙලාවක් ඔහු සමඟ කතාබහක නියැලෙනවා.
ඒත් තමන් වඩාත් ආදරය කරන මේ සුපිරි වීරයා හමුවීමේ සතුට දරාගන්න බැරිව පුංචි දරුවා ඔහු වැළඳගෙන හඬා වැළපෙන්නේ වචනයක් වත් මුවින් පිට නොවූ නිසා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ මේ පුංචි මිතුරාට දෙන්න දෙයක් නොමැති නිසා දෙවරක් නොසිතූ නේමාර් ඔහු ඇඳගෙන හිටපු ජර්සිය දරුවාට ගලවා දෙන්නේ ප්‍රේක්ශාකාගාරයේ ආචාරය සමඟයි.
එම අවස්ථාව සහ පුංචි දරුවා පසුව තම සතුට බෙදාගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්.
rnrn