Gossips

කොල්ලකරුවන්ට ආත්තම්මා උගන්නපු අමතක නොවන පාඩම

තම සුඛෝපභෝගී ජීප් රථය පැහැරගැනීමට පැමිණි කොල්ලකරුවන්ට අමුතුම පාඩමක් ඉගැන්වූ මිත්තනියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්.
කාන්තාවක් සිය රථයෙන් පැමිණෙන අතර ස්වයංක්‍රීය ගේට්ටුව විවෘත වීමෙන් අනතුරුව රථය ගේට්ටුවෙන් ඇතුලට ගෙන නතරකරනු ලබනවා.
නොසිතු ලෙසම ඇසිල්ලකින් ඇයගේ රථය පසුපසින් පැමිණි තවත් මෝටර් රථයක් එක්වරම විවෘත වූ ගේට්ටුවෙන් ඇතුලට පැමිණෙනවා.
ඉන් බැසගත් කොල්ලකරුවන් පිරිසක් ආයුධ සන්නද්ධව අදාළ කාන්තාව සිටි රථය අසලට දිව එන්නේ ඉන් අනතුරුවයි.
පසුව කොල්ලකරුවන් දෙදෙනෙක් අදාළ කාන්තාවගේ ජීප් රථය අසලට පැමිණ රථයේ ඉදිරිපස ජනේලවලින් ඇයගේ හිසට තුවක්කු අමෝරාගෙන රථය ඔවුන්ට ලබාදෙන ලෙස තර්ජනය කර තිබෙනවා.
ඉන් අනතුරුව කොල්ලකරුවන් අන්ද මන්ද කරමින් එතුල සිටි කාන්තාව සිය රථය මදක් ඉදිරියට ගෙන වේගයෙන් පසුපසට පදවනවා.
එහිදී කොල්ලකරුවන් පැමිණි රථයේ ගැටීමට සැලැස්වූ ජීප් රථය කාන්තාව විසින් නැවත ඉදිරියට ගනු ලබනවා.
කාන්තාවගේ නොසිතූ ප්‍රතිචාරයෙන් බියට පත්වූ කොල්ලකරුවන් පලායාමට සිතා නැවත ඔවුන් පැමිණ රථය වෙත ඇසිල්ලකින් දිවයනවා.
එහෙත් මෙම කතා නායිකාව ඉන් සෑහීමකට පත් නොවී ඔවුන්ගේ රථයේ නැවත නැවත ගැටී කොල්ලකරුවන් පලවා හරිනු ලබනවා.
එම අවස්ථාව ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.
rnrn