Gossips

පාන් සහ පරිප්පු වේල 100ට නගී

පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට කටයුතු කළ ද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටයි එම සංගමය තීරණය කළේ.
මේ අතර, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවමින් මෙලෙස අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ පාන් මිල වැඩිවීමත් සමඟ ජනතාව එදිනෙදා පරිභෝජනය කරන පාන් සහ පරිප්පු වේල රුපියල් 100 දක්වා ඉහළ යන බවයි.