හිරු සී.අයි.ඒ.හරහා ඊයේ අප හෙලිකළේ පින්නවල අලි අනාථාගාරය ක්‍රම ක්‍රමයෙන් ජනතා ආකර්ශනයෙන් තොර ස්ථානයක් බවට පත්වෙමින් තිබෙන අයුරු පිළිබදවයි.
මෙහි ප්‍රධාන ආකර්ෂණයක්ව පැවති වයස අවුරුදු 05 ට අඩු අලි පැටවුන්ට කිරි පෙවීමේ අංගය දැන් සිදුනොවන අතර විදේශිකයන් මුලා කිරීම සදහා වයසින් වැඩි අලියෙකු ඒ සදහා යොදා ගන්නවා.
අප මේ ගැන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේනුකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කලේ නරඹන්නන්ගේ ඉල්ලීම පරිදි වයසින් වැඩි අලියාට කිරි පෙවීම සිදුකරනා බවයි.
මේ අයුරින් කිරි බොන වයස පසුකර බොහෝ කල් ගත වී කිරි බීමට අකමැත්තක් දක්වන අලියෙකුට නරඹන්නන්ගේ කැමැත්තට ඉඩ දී බලහත්කාරයෙන් කිරි පෙවීම කෙතරම් සාධාරණ ද ?
ඒ හරහා එම සත්වයාට සිදුකරන්නේ අනර්ථයක් බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.
අලි අනාථාගාරයට කිරි පෙවීම සදහා වයස අවුරුදු 05 ට අඩු අලි පැටවුන් නොමැතිනම් සිදුකළ යුත්තේ වගකිවයුත්තන් දැනුවත් කර කඩිනමින් අදාල දෙපාර්තමේන්තු හරහා අලි පැටවුන් සපයා ගැනීම නොවේද ?
අප කළ ගවේෂණයේදී අනාවරණය වු තවත් කරුණක් වුයේ කලකට පෙර මෙහි ක්‍රියාත්මක වූ අලි අභිජනන ක්රියාවලියද මේ වනවිට සහමුලින්ම නැවතී ඇති බවයි.
මෙලෙස පින්නවල අලි අනාථාගාරය දිනෙන් දින ජනතා ආකාර්ෂණයෙන් ගිලිහී ක්ෂය වෙද්දී ප්‍රදේශයේ පෞද්ගලික අලි ගාල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේ සාක්කු මුදලින් පිරීගොස් තිබෙනවා.
අප කළ විමසීමකදී අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේනුකා බණ්ඩාරනායක මහත්මිය සදහන් කළේ මෙම පෞද්ගලික අලි ගාල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පින්නවල අලි අනාථාගාරයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් බවයි.
සේවකයන්ගේ මෙම ප්‍රකාශවලින් ගම්‍යවන්නේ අලි අනාථාගාරය වටා ඇති පෞද්ගලික අලි ගාල් හිමියන්ගේ උවමනාව මත ක්‍රම ක්‍රමයෙන් පින්නවල අලි අනාථාගාරය දිය කර හැරීමක් සුක්ෂමව සිදුවන බව ද ?
අලි ගාල් පවත්වාගෙන යන පුද්ගලයන් පින්නවල අලි අනාථාගාරයේ අධීක්ෂණ මණ්ඩලයට පත්කර ඇත්තේ ඉහත කී අරමුණු සපුරාලීමටද.?
කලකට ඉහත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයක් වු පින්නවල අලි අනාථාගාරය නැවතත් ඒ තත්ත්වයට පත්කිරීම අදාල බලධාරීන්ගේ වගකීම නොවේද..?
ඒ සදහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ අවධානයෙන්.