Gossips

සභාපති වටකළ මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් අද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා හමුවුණා.
ඒ, ජන බලය කොළඹට මැයෙන් එළැඹෙන 5 වැනිදා ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ආණ්ඩු විරෝධී ජන රැළියට, බස් රථ ලබාදීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් තාවකාලික මාර්ග බලපත්‍ර නිකුත් කිරීම තහනම් කරන බවට සිදු කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් පිරිස පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සමග සාකච්ඡා කර තිබෙනවා.