Gossips

ජපානය ප්‍රබල සුළි කුණාටුවකට මුහුණ දෙන්න සැරසේ

පැයට කිලෝමීටර් 250 ඉක්ම වූ වේගයක් සහිත ජේබි හෙවත් වැහිලිහිණි ලෙස නම් කෙරුණු ප්‍රබල සුළි කුණාටුව බටහිරදිග ජපානයට දැන් ආසන්න වෙමින් පවතිනවා.
එය හෙට දිනයේ ඔසාකා නුවර ආසන්නයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂිතයි.
සුළි සුළඟ නිසා හෙට උදෑසන වන විට බටහිරදිග ජපානයට මිලිමීටර් 300කට අධික වර්ෂාපතනයක් පතිත විය හැකි බව ජපාන කාලගුණ අංශ ප්‍රකාශ කළා.
ජේබි, ජපානයට පිවිසෙන්නේ ජල ගැලීම් සහ නාය යාම්වලින් ජුලි මාසයේදී පුද්ගලයින් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි.