Gossips

යාපනය – ඒ 9 මාර්ගයේ වෑන් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්වී 9 කට තුවාල

යාපනය – මහනුවර – ඒ 9 මාර්ගයේ මාන්කුලම් ප්‍රදේශයේ වෑන් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ රියදුරු ලොරිය නවතා ඇති බව නොදැකීම නිසා වෑන් රථය ලොරි රථයේ පිටුපස වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර 17 සහ 30 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම අනතුරට ලක්ව ඇත්තේ යාපනය – චුන්නාක්කම් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.