පිටකොටුව – බැස්ටියන් මාවතේදී රුපියල් 5000 සේ ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමඟ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි අම්පාර – ඉරක්කාටම් තුන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සැකකරු, රුපියල් 5000 සේ ව්‍යාජ නෝට්ටුවක් බස් රථ කොන්දොස්තරවරයෙකුගෙන් මාරු කර දෙන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.
එම අවස්ථාවේදී මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් සැක සිතූ කොන්දොස්තරවරයා ඒ පිළිබඳව පිටකොටුව පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගැනුනේ.
පසුව සිදුකළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී තවත් මුදල් නෝට්ටු 12 ක් සොයාගෙන තිබෙනවා.