Gossips

බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක්

බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.
වසර 200 කට වඩා පැරණි පෞරාණික සහ විද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම කෞතුකාරයේ මිලියන විස්සකට අධික පෞරාණික භාණ්ඩ පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගණනය කළ නොහැකි තරම් වටිනාකමකින් යුත් භාණ්ඩ මෙහි පැවති බවටද එරට රජය ප්‍රකාශ කර තිබෙනවා.
වසර 12,000 කට වඩා පැරණි පෞරාණික කාන්තා ඇටසැකිල්ලක් මෙන්ම ඩයිනෝසරයන්ගේ අස්ථි කොටස්ද මෙහි පැවති බව සඳහන්.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, එය මැඩපැවැත්වීම සඳහා එරට ආරක්ෂක අංශ මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා.