Gossips

මුන්දලමේ වෙඩි තැබීමක්

මුන්දලම – මංගල එළිය – හේන්යාය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 37 ක් වයසැති තරුණයෙක්.
අද අලූයම 12.15 ට පමණ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ 50 හැවිරිදි පුද්ගලයා ගිනි අවියද සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.