Gossips

ට්‍රැමඩෝල් මත්පෙති 6,000 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී ට්‍රැමඩෝල් මත්පෙති 6,000 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 21 කට ආසන්න බවයි.
ලද තොරතුරකට අනුව ජා ඇළ නගර සභා ක්‍රීඩාංගණය අසළදී ඊයේ අත්අඩංගුවට ගත් 41 හැවිරිදි සැකකරු මාතලේ – මහවෙලකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.