මැතිවරණ කොමිෂන් සභාව අද (03) රැස්වීමට නියමිතයි.
එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ.
පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී ස්ථිර වශයෙන් පැවැත්වීමට සහ එම ඡන්දය නව මැතිවරණ ක්රමය යටතේ පැවැත්වීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කරනු ඇති.
මීට අමතරව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නිලධාරී සංගණනය කිරීමේ කටයුතු මෙන්ම නව මැතිවරණ ක්රමය යටතේ ඡන්දය පැවැත්වීම සඳහා වන ඡන්ද පත්රිකා සහ වෙනත් ලේඛන සකස් කිරීමේ මූලික කටයුතු මැතිවරණ කොමිසම මේ වනවිටත් ආරම්භ කර ඇති බවද වාර්තාවනවා.