Gossips

රජය සතු ණය බර තවදුරටත් ඉහළට

මෙරට රජය සතු ව්‍යවසායන්හි ණය බර තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඒවායේ පාඩු ද වැඩි වී ඇති බව භාණ්ඩාගාර දත්ත මගින් හෙළිදරව් වනවා.
2018 වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ව්‍යවසායන්හි ණය බර රුපියල් බිලියන 491 ඉක්මවා ඇති අතර, ඒවායේ පාඩුව රුපියල් බිලියන 9.36ක්.
රාජ්‍ය ව්‍යවසාය 400ක් අතරින් 264ක් මහා භාණ්ඩාගාරයේ පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරනු ලබන අතර, 136ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මකයි.
කෙසේ නමුත්, 2017 වසර තුළ රාජ්‍ය ව්‍යවසාය 55ක් මගින් රුපියල් බිලියන 1755.5ක පිරිවැටුමක් වාර්තා කළ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.2ක්.