Gossips

නිදහස් පක්ෂ සංවත්සරයට විශේෂ ආරාධනා නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සර සැමරුම සඳහා පක්ෂයේ කිසිදු සාමාජිකයෙකුට විශේෂ ආරාධනාවක් සිදුනොකරන බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
කෙසේ වෙතත්, 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ පක්ෂය, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන තෙක් තමන් ඇතුළු කණ්ඩායම පක්ෂයේ කිසිදු උත්සවයකට සහභාගි නොවන බවයි.
නිදහස් පක්ෂයේ 67 ත් වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මෙවර සැමරුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ සහභාගීත්වයෙන්.
ඒ, පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස්ගතවීම හේතුවෙන්.
පක්ෂයේ 67 වන සංවත්සරය වෙනුවෙන් ඉස්ලාම් ආගමික වතාවත් මාලිගාකන්ද මුස්ලිම් දේවස්ථානයේදී අද (02) පැවැත්වුණා.
හින්දු ආගමික වතාවත් අද පෙරවරුවේ පැවැත්වුණේ බම්බලපිටිය ශ්‍රී කදිරේශ්වරන් කෝවිලේදියි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක්ගේ සහභාගීත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් කැළණිය රජමහා විහාරස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.