Gossips

තුන්වන පාසල් වාරය හෙට ඇරඹේ

2018 වර්ෂයේ තුන්වන පාසල් වාරය හෙට (03) ආරම්භ කෙරෙනවා.
එමෙන්ම උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ මස 05 වැනිදා දක්වා සිදුකෙරෙනු ඇති.
ඇගයීම් මණ්ඩල 572 ක් යටතේ ගුරුවරුන් 8,432 සහභාගීත්වයෙන් එම ඇගයීම් සිදුකෙරෙන අතර, එම කාලසීමාව තුළ පාසල් 37 ක් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
එම පාසල් මෙම වසරේ තුන්වන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ මේ මස 06 වනදායී.