උස් රළ, ජල ගැලීම් සහ නාය යාම් ඇති කළ හැකි තවත් ප්රබල සුළි සුළඟක් ජපානය දෙසට යොමු වී තිබෙනවා.
ජේබි ලෙස හඳුන්වා ඇති මෙම සුළි සුළඟ ජපානයේ ප්රධාන දිවයින වෙත අඟහරුවාදා ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි.
එය පැයට කිලෝමීටර් 252ක පමණ වේගයක් රදවා ගනු ඇති බවයි ජපාන කාලගුණ අංශ සඳහන් කළේ.
ජපානයට මෙම සුළි සුළඟ පැමිණෙන්නේ පසුගිය ජුලි මාසයේ මහා ජල ගැලීම් සහ නාය යාම් හේතුවෙන් පුද්ගලයන් 220 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි.