Gossips

ගාල්ල මුහුදු තීරයේ පැල්ලම ගැන පරීක්ෂණ

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 5 ක් පමණ දුරින් මුහුදේ තෙල් පැල්ලමක් වැනි යමක් නිරීක්ෂණය කිරීම හේතුවෙන් ඒ පිළිබඳ සොයාබැලීමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළා.
එම ස්ථානයට යාත්‍රාවකින් ගොස් එහි සාම්පල පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඒවා කිසියම් අපද්‍රව්‍යයක් බවයි.
නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ එයි තෙල් පැල්ලමක් නොවන බවට මේ වනවිට තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කිසියම් ස්ථානයකින් මුහුදට අපද්‍රව්‍ය එක්කරන්නේද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමුකරන බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.