Gossips

වවුනියාවේදී පොලීසිය ලූහුබැද ගිය යතුරුපැදියක් අනතුරක

වවුනියාව – හොරොව්පතාන ප්‍රධාන මාර්ගයේදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක් අසළ තිබූ විදුලි කණුවක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කුමාම්කුලම් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කිරීම නිසා පොලීසිය ඔවුන් ලූහුබැඳ ගොස් ඇති බව සඳහන්.
එහිදී විදුළි කණුවක ගැටුණු යතුරුපැදියේ සිටි පුද්ගලයන් තුවාල ලැබූ අතර ඔවුන් ඇතුළත් කෙරුණේ වවුනියාව මහ රෝහලටයි.
අධික වේගයෙන් එම යතුරුපැදිය ධාවනය කිරීම අනතුරට හේතුව බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.