Gossips

වනජීවී නිලධාරීන්ට රයිෆල් තුවක්කු සමඟ කැලෑ ඇඳුමක්

වනජීවී නිලධාරීන්ට එස්.ඒ.ආර්. වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි ලබාදීමට වනජීවී අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම එම නිලධාරීන්ට විශේෂිත කැලෑ ඇඳුමක් ද ලබාදීමට කටයුතු කරන බවයි වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සඳහන් කළේ.
වන අලි තර්ජනය සහ වනාන්තරවල සිදුවන ජාවාරම් මැඩලීම සඳහා තවත් නිලධාරීන් 6,000 ක් පමණ බඳවා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.
සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 3,000 ක් ද ඒ අතරට අයත්. එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය කැබ් රථ මිලදී ගැනීම සඳහා මේ වනවිටත් රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර පසුගිය වසර 7 ක කාලය තුළ වන අලින් 1992 කු මියගොස් තිබෙනවා.
එමෙන්ම එම කාලසීමාව තුළ වන අලි පහරදීම්වලින් පුද්ගලයින් පස්සිය අසූ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.