Gossips

A380 යානයක් කටුනායකට

ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානයක් වන A380 යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.
අද අලුයම මෙම යානය ගොඩබස්වා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අබුඩාබි බලා ගමන් කරමින් තිබියදීයි.
ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ ඇති යානය අලුයම 4.28 ට ගොඩබස්වා තිබුනා.
මගීන් සහ කාර්ය මණ්ඩලය 455 දෙනෙකු සමග පැමිණි ගුවන්යානය ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව යළිත් උදෑසන 6.11 ට පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.