Gossips

බෝට්ටුවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

මන්නාරමට ආසන්න උතුරු මුහුදේදී ධිවර බෝට්ටුවක් තුළ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තුන් දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයෙන් පසුගිය 31 වැනිදා මුහුදු ගිය ධිවරයින් පිරිසක්.
පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් තුන්දෙනා මන්නාරම මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


(ඡායාරූප – මාධව කුලසුරිය )