Gossips

අගමැති ඉවත් කිරීම ගැන ජනපතිගේ තීරණය

අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීතිවේදීන්ගෙන් උපදෙස් ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති නිළ නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය සහය ලබාදුන්නත්, එහි අමාත්‍ය ධුර ලබා නොගන්නා බව ද එහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළා.