Gossips

කිරිඳිවැල අනතුරකින් දෙදෙනෙකු මරුට

කිරිඳිවැල – හංවැල්ල – ඌරාපොල මාර්ගයේ මැද්දේගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
රියදුරුට නින්ද යෑම හේතුවෙන් තාප්පයක ගැටී මෙම ත්‍රිරෝද රථය අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි කිරිඳිවැල – මැද්දේගම පදිංචි කාන්තාවක් සහ වයස අවුරුදු 7 ක් වන කුඩා දැරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.