Gossips

දකුණු පළාතේ ශ්‍රී ලංගම බස් සේවක වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දකුණු පළාතේ ඩිපෝ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට උඩුගම ඩිපෝවේ සේවකයින්ද අද එක්වුණා.
මෙලෙස දකුණු පළාත තුළ ඇති ඩිපෝ සියල්ලේම මේ වනවිට වර්ජනය ක්‍රියාත්මක බවයි වර්ජනයේ නිරත ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඔවුන් වර්ජනයේ නිරතවන්නේ රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් දස දහසේ දීමනාව මූලික වැටුපට එක් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.