Gossips

ලූම්බිණියේ පහසුකම් පුළුල් කරගැනීමට ජනපතිගේ අවධානය

ලූම්බිණිය වැද පුදා ගැනීමට පැමිණෙන ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ පහසුකම් පුළුල් කර ගැනීම පිළිබදව නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඕලී සමග පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධානයට ලක් කර තිබෙනවා.
ඒ, කත්මණ්ඩු නුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජ්‍ය නායකයින් දෙපල අතර ඊයේ පැවති ද්විපාර්ශවික සාකච්ඡාවලදීයී.
එහිදී දෙරට අතර සමීප සබඳතාවයක් ගොඩනගා ගනිමින් දෙරටේම පොදු ජනතාවගේ යහපත උදෙසා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරටේ නායකයින් එකඟ වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශවික සබඳතා සෑම ක්ෂේත්‍රයක් තුළින්ම තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවද නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.
ජනාධිපතිවරයා අද නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් මුණගැසීමට නියමිතයි.