Gossips

නැගෙනහිර පළාතට සහ මුලතිව්, වවුනියාව දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි

අද දිනයේත් නැගෙනහිර පළාත, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් කියා සිටියේ.
අද දින දහවල් 12.09ට තල්ගස්වැව, පලුගොල්ල, අඹන්ගපොල, බුල්නෑව, ඉනාමළුව, කදුරුවෙල සහ කල්කුඩා යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.