Gossips

කටාරය වෙන් කිරීමට සෞදි අරාබිය ඇළක් කැපීමට සැරසේ

තම රට සමඟ පවතින රාජතාන්ත්‍රික අර්බුදය හේතුවෙන් කටාර් අර්ධද්වීපය වෙන් කිරීම සඳහා ඇළක් කැපීම පිළිබඳව සෞදි බලධාරින්ගේ අවධානය යොමුව තිබෙනවා.
සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන සවුද් අල් කටානි ප්‍රකාශ කළේ එමඟින් කලාපයේ භූ විෂමතාවන් වෙනස්වනු ඇති බවයි.
සෞදි අරාබිය සහ කටාරය අතර වසරකට අධික කාලයක් තිස්සේ දැඩි රාජතාන්ත්‍රික අර්බුදයක් පවතිනවා.
මේ හේතුවෙන් සෞදි පාර්ශවය ගත් එක්සත් අරාබි එමීරය, බහරේනය සහ ඊජිප්තුව, කටාරය සමඟ සබඳතා අත්හරිනු ලැබුවා.
කටාරය තම පසමිතුරු ඉරානයේ පාර්ශවය ගෙන ඇති බවටයි සෞදි අරාබිය චෝදනා නගන්නේ.