Gossips

අද මධ්‍යම රාත්‍රියේ සිට ඖෂධ වර්ග කිහිපයක මිල පහළට

පිළිකා රෝගීන් සඳහා ලබාදෙන මිල අධික ඖෂධ වර්ග 10ක සහ තවත් ඖෂධ වර්ග 13ක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
මේ අතර අදාල ඖෂධ වර්ග වලට අමතරව වෛද්‍ය උපකරණ වර්ග දෙකක ද මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස අඩු කෙරන බව සඳහන්.
පේරාදෙණියේ අද (01) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (31) රාත්‍රියේ නිකුත් කළ බවයි.