Gossips

පුතුන්ගේ ගැටුමකට මැදි වී හෝකන්දර මවක් මිය යයි

තියුණු ආයුධයකින් කළ පහරදීමකින් හෝකන්දර – සිංහපුර ප්‍රදේශයේදී කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ 78 හැවිරිදි තැනැත්තියක් බවයි පොලීසිය සඳහන් කළේ.
ඇය සිය බාල පුතු සමඟ ඊයේ (31) පස්වරුවේ ඉඩමක් ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි වැඩිමහල් පුතු සහ එහි සිටි පිරිස අතර ඇති වූ ආරවුලක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුතුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා.