Gossips

ශ්‍රී ලංකාව වියට්නාමය පරදයි

ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති පිරිමි වොලිබෝල් තරඟයකදී වියට්නාමය පරදවා තරඟ වට 3ට බින්දුවක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකා පිළ 25ට 21ක්, 25ට 21ක් සහ 25ට 20ක් ලෙස තරඟය ජයගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පිළට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ පිරිමි වොලිබෝල් කණ්ඩායම් අතරින් 13 වන ස්ථානය හිමි වනවා.
මේ අතර, මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් සිහිනය තවදුරටත් රදවමින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද ජපානය සමඟ සත් සාමාජික රග්බි අවසන් පූර්ව තරඟයට පිවිසෙනවා.
අනෙක් තරඟය පැවැත්වෙන්නේ කොරියාව සහ හොංකොං කණ්ඩායම් අතරයි.
රග්බි අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසි ශ්‍රී ලංකා රග්බි පිළට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ කවර හෝ පදක්කමක් ජයග්‍රහණය කිරීමට හැකි වනු ඇති බව ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවයි.