Gossips

කඩවතදී ලක්ෂ 88ක හෙරොයින් අල්ලයි (ඡායාරූප)

රුපියල් ලක්ෂ 88ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 740යි මිලිග්‍රෑම් 145ක් සමඟ පුද්ගලයෙකු කඩවත – මංකඩ මාර්ගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ සැකකරු සන්තකයේ තිබී දුරකථනයක් සහ රුපියල් දෙලක්ෂ 33,920ක මුදලක් මෙන්ම යතුරුපැදියක් ද සොයා ගත් බවයි.