Gossips

සියයට විසිපහක කාන්තා නියෝජනය අර්බුදයක් බවට පත්වෙයි

පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම මේ වනවිට අර්බුදයක් බවට පවත්ව ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එම ගැටලූවට නිවැරදි නීති උපදෙස් අනුව කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම, නව මැතිවරණ ක්‍රමය යටතේ මීට පෙර පැවති ප්‍රසාද මන්ත්‍රී ධුර අහෝසි වී මිශ්‍ර ක්‍රමයක් යටතේ මන්ත්‍ර‍්‍රී ධුර බෙදාදීම සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස කරුණු පැහැදිලි කළා.
පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම ඊයේ (15) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබුණ ද එය මාර්තු මස 6 වනදා දක්වා කල් තැබුණේ ජයග්‍රහණය කළ කාන්තා නියෝජිතයන්ගේ අවසන් ලේඛනය සැකසීම ප්‍රමාදවීම හේතුවෙන්.