Gossips

බිම්ස්ටෙක් සභාපතීත්වය ජනපතිට

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද පිරිනැමුණා.
ඒ, නේපාලයේ – කත්මණ්ඩු නුවර පැවති බිම්ස්ටෙක් සිව්වන සමුළුවේ සමාප්ති අවස්ථාවේදීයි.
ඊයේ ආරම්භ වූ බිම්ස්ටෙක් සමුළුවේ තේමාව වූයේ බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීමයි.
බිම්ස්ටෙක් පස්වන රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.
නව සභාපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පැහැදිලි න්‍යාය පත්‍රයක් ඔස්සේ සමුළුවේ කටයුතු ඉදිරියට මෙහෙය වන බවයි.
එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා සියලූ සාමාජික රටවල සහය අපේක්ෂා කරන බවද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
නේපාල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිව්වන සමුළුවේ සමාප්තිය අද සිදුවූ අතර, බිම්ස්ටෙක් බලශක්ති පද්ධතිය පිළිබඳ කලාපයේ රටවල් අතර, ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට විදේශ අමාත්‍යවරුන් අත්සන් තැබීමද එහිදී සිදුවුණා.
කත්මණ්ඩු ප්‍රකාශය එළිදැක්වීම සිදුවූයේ ඉන් අනතුරුවයි.