Gossips

රයන් ජයලත්ට යළිත් වරෙන්තු

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන මඩුගල්ලේ බුද්ධරක්ඛිත හිමියන්ට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.
ඒ අධිකරණ නියෝග නොතකා මහජනතාවට පීඩාවන පරිදි පසුගිය 25 වනදා කොළඹ පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් වන නඩුවකට අද(16) දිනයේ පෙනී නොසිටීම හේතුවෙන්.
වරෙන්තු නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ ඊට අදාළ නඩුව යළි අප්‍රේල් 28 වනදා කැඳවීමටයි.