Gossips

චතුර සේනාරත්නගේ විවාහය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ මංගල්‍ය උත්සවය සඳහා අරලියගහ මන්දිර පරිශ්‍රයේ උත්සව ශාලාව ලබාදුන්නේ සම්මත ක්‍රමවේදයක් යටතේ බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.
එය නොමිළේ ලබාදීමක් හෝ ජනතා මුදල් අවභාවිතා කිරීමක් නොවන අතර, පිටස්තර උත්සව සඳහා ලබාදෙන සම්මත ගෙවීම් අනුව අදාළ ශාලාව ලබාදුන් බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන්ම උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අනෙකුත් කිසිදු කාර්යයකට තම සම්බන්ධයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කළා.