Gossips

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි

උතුර, නැගෙනහිර, ඌව, සහ උතුරුමැද පළාත්වලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට අද පස්වරුවේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට වැසිත් සමඟ තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය හරහා පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.