Gossips

අධ්‍යාපන ඇමතිගෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස්

පාසල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය හඳුනා ගැනීමේ වගකීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා ඇති වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙම උපදෙස් ලබාදුන් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ළමයින්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීම තුළින් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.