Gossips

තම්මැට්ටාව වැවෙන් ගොඩගත් ගුරුවරයා (ඡායාරූප)

එප්පාවල – තම්මැට්ටාව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකුගේ සිරුරක් වැව් පාවෙමින් තිබියදී සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාව – රෝහල ඉදිරිපිට පදිංචි 54 හැවිරිදි ගුරුවරයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
අදාල පුද්ගලයා ඊයේ (30) පස්වරුවේ තම්මැට්ටාව වැවට දිය නෑමට ගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර වැවේ මසුන් ඇල්ලීමේ නිරත ධීවරයකු විසින් දැක එප්පාවල පොලීසියට දැන්වීමෙන් අනතුරුව සිරුර අද (31) දින ගොඩගෙන ඇති බව සඳහන්.
සොයාගත් මළ සිරුර අනුරාධපුර ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෙත යොමුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
පොලිසිය සැක පල කරන්නේ අදාල පුද්ගලයා දියේ ගිලී මිය යන්නට ඇති බවටයි.

ඡායාරූප – තිසර සමල්, එප්පාවල